යාපනය ශික්ෂණ රෝහලේ කුඩා දැරියකගේ අතෙහි කොටසක් ඉවත් කිරීම පිළිබඳව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරයි .

මෙම සිදුවීමට අදාළව යාපනය හෙද කාර්ය මණ්ඩලයට අපහාසාත්මක අයුරින් අන්තර්ජාලය හරහා අදහස් ප්‍රකාශ වන බවත් ඇතැම් මාධ්‍ය මගින් එහි සම්පූර්ණ වරද හෙද කාර්ය මණ්ඩලය වෙත යොමුවන පරිදි වාර්තා පළ කරන බවත් බවත් එම සංගමය පවසයි.

ඊයෙ රෝහල ඉදිරිපිට දී පිරිසක් උද්ඝෝෂණයක නිරත වූ අතර ඔවුන් හෙද කාර්ය මණ්ඩලය වෙත චෝදනා එල්ල කරමින් , හෙද කාර්ය මණ්ඩලය අත්අඩංගුවට ගන්නා ලෙස බලපෑම් කර ඇති බවත් එම ලිපියේ සඳහන් කර ඇත.

ඒ මගින් හෙද කාර්යමණ්ඩලයට ජීවිත තර්ජනයක් එල්ල වී ඇති බවත් එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

මේ පිළිබඳව යාපනය ශික්ෂණ රෝහලේ සිදුකරන අභ්‍යන්තර විමර්ශය ට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත් වී පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලෙසද සිද්ධිය සම්බන්ධයෙන් යම් අසාධාරණයක් එම පාර්ශවය ද සිදුවී ඇත්නම් ඒ සඳහා සුදුසු පියවර ගැනීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීම බවද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ලේකම් අජිත් රත්නායක මහතා ලිපියක් මගින් නිවේදනය කරයි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page