ඉදිරියේදී ග්‍රාම සේවා නිලධාරී 4,000 කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගැනීම සඳහා රජය සූදානමින් සිටින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි.
එම කටයුත්ත කඩිනම් කිරීමට අවශ්‍ය කටයුතු අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මේ වන විට සිදුකරමින් පවතින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා .
