කොළඹ මහාධිකරණය දුන් තීන්දුවකට අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබි තිබිය දී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කෙරිණි.
අදාළ පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ අද විභාගයට ගැනුණි.
එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (08) දින නියමයක් නොමැතිව කල් තැබූ බව සදහන් වේ.
