2023 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2022 ලෝක විවාහක රූ රැජින ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් අද අලුයම දිවයිනට පැමිණියා ය.

සැප්තැම්බර් මස 13 වන දින සවස 06.00 ට කොළඹ නෙළුම් කුළුණ රඟහල් පරිශ්‍රයේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ අවසාන මහා තරගය සදහා ශ්‍රී ලාංකික විවාහක කාන්තාවෝ 23 දෙනෙක් සහභාගී වෙති.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි‍ ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ , ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක , තරගාවලි කළමනාකරු නිමේෂ් බස්නායක යන මහත්වරුන් ඇතුළු මෙම වැඩසටහනේ සාමාජිකයන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page