තම පක්ෂයෙන් දේශපාලන පත්වීම් ලබා අද වන විට ජාතික ජනබලවේගයට එක් වි සිටින ඇතමුන් දේශපාලන පත්වීම් ලබාගැනීම විවේචනය කරයි.
ඒ අයට දේශපාලන පත්වීම් ලබාගැනීම වැරදි නම් තමන් ලබාගත් පත්වීම් ආපසු ලබාදී ජනතා විමුක්ති පෙරමුණේ රජයක් යටතේ විභාගවලට පෙනීසිට රැකියා ලබාගන්නා ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පවසයි.
අමාත්‍යතුමිය මේ බව පැවසුවේ ජුනි 18 දා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇහැලියගොඩ ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරිය මෙසේද පැවසුවාය. “කුමන පුද්ගලයකු කවර අන්දමේ චෝදනාවක් කළද වත්මන් ආණ්ඩුව ඉදිරියට ගමන් කරනවා. මොන අන්දමේ අභියෝග පැමිණියද මේ රට නැවතත් නැගිටිනවා.”
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව කියුබානු ආර්ථිකයකුත් අමෙරිකානු ජීවන රටාවකුත් මෙරට ජනතාවට ලබාදෙන කියනවා. ඒක කිසිසේත් සිදුකරන්නට නොහැකියි.”
“මේ රටේ තරුණ පිරිසට අනුර කුමාරලා ලණු දීලා තියෙනවා. අද සමහර තරුණ පිරිස් මේ ලණු ගිලලා තියෙන බවක් පේනවා. අද මෙතැන ඉන්න අම්මලා තාත්තලගේ දරුවොත් ඒ ලණු කාලා ඇති.අනුර කුමාරලගේ දරුවෝ පිටරට ඉගෙනගන්නවා. පුද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙනගන්න ගමන් සුර සැප විඳිනවා. ” යනුවෙන්ද පැවසීය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, පියල් නිශාන්ත,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන,ඩබ්ලිව් ඩී වීරසිංහ, අකිල එල්ලාවල, රත්නපුර ආසන සංවිධායක හිටපු පළාත් සභා අමාත්‍ය රංජිත් බණ්ඩාර යන මහත්වරු සහභාගිවූහ.
එමෙන්ම ඇහැලියගොඩ සහ කුරුවිට ප්‍රාදේශීය සභාවල හිටපු සභාපතිවරු සහ මන්ත්‍රීවරු, මන්ත්‍රීවරියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page