මෙරට එක් පුද්ගලයෙකුගේ සිය අවම මූලික අවශ්‍යතා සපුරාලමින් මාසයක් තුළ දැරිය යුතු වියදම රුපියල් 15,978 ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි .
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව 2023 ජූලි මාසයේ සිව්දෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම රුපියල් 63,912 ක් වනු ඇත.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම වාර්තාවට අනුව සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන අයෙකුටයි. එය රුපියල් 17,233 කි. 2023 ජූනි මාසයේ දී මෙම අගය රුපියල් 17,352 ක් ලෙසින් සටහන්ව ඇත.
මෙහි අවම අගය වාර්තා වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම අගය රුපියල් 15,278 ක් වේ. 2023 ජූනි මාසයේ දී මෙම අගය රුපියල් 15,383 ක් ලෙසින් වාර්තා වී තිබුණි.
