2018 අංක 19 දරන ජාතික විගණන පනතේ, 21 වන වගන්තිය යටතේ ස්ථාපිත කෙරෙන අධිභාර අභියාචනා කමිටුවට සාමාජිකයන් පත්කිරීමට අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇත.
ඒ අනුව විගණනය, නීතිය හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය සහ ඉංජිනේරු විද්‍යාව යන ක්ෂේත්‍රයන්හි පළපුරුද්දක් සහිත පුද්ගලයින්ට මේ සඳහා අයැදුම් කළ හැකිය.
ජාතික විගණන කාර්යාලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ සාමාජිකයින්ට මේ සඳහා අයදුම් කළ නොහැක.
මේ සඳහා වන අයදුම්පත්‍ර, පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි පළකර ඇති ආකෘතිය අනුව (දැන්වීම) පිළියෙල කර, නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම්පත් 2023 ඔක්තෝබර් මස 09 දින හෝ එදිනට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාසභාවේ මහලේකම්, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව,ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය
යම් විගණන ආයතනයක ප්‍රධාන ගිණුම්කරණ නිලධාරියා විසින් ගන්නා ලද තීරණයකින් අගතියට පත් ඕනෑම තැනැත්තෙකුට එම තීරණයට එරෙහිව අභියාචනයක් එම කමිටුවට ඉදිරිපත් කල හැකිය
ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන්‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාසභාව re: අධිභාර අභියාචනා කමිටුව යනුවෙන් සඳහන් කළයුතු වනවා.
