ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙනවා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමාන්තරව පැවැත්වෙන විවිධ රැස්වීම් හා සමුළු සදහා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සහභාගී වන අතර ඊට ඔහුගේ පුත්‍රයා ද සහභාගි කරවා ගෙන ඇත.
එය සමාජ ජාලයන් තුළ විවේචනයට ලක් වෙමින් පවතින අතර මෙම චෝදනා සම්බන්ධ ප්‍රතිචාර දක්වමින් විදේශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඇතැම් අවස්ථා සඳහා තම පුත්‍රයා සහභාගීම සත්‍යයක් වන නමුත් ඒ සඳහා විදේශ අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා රජය එක රුපියලක් හෝ වියදම් කර නොමැති බවයි.
එමෙන්ම තම පුත්‍රයා තමන් ගේ ඉල්ලීම පරිදි තාවකාලික ස්වෙච්ඡා පදනමක් මත තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
දැනට ඔහුගේ පුත්‍රයා එක්සත් ජනපදයේ අධ්‍යාපන කටයුතු කරගෙන යන බවත් එම කාලය අතරතුර දින කිහිපයකට ඔහුගේ විශේෂඥ දැනුම හා කාලය ස්වෙච්ඡාවෙන් ලබාදීමට ඉදිරිපත් වී ඇති බවත් ප්‍රකාශ කර ඇති බවයි.
