කැලණිවැලි දුම්රිය මාර්ගයේ රක්ෂිත තුළ සීවලීපුර සිට කිරුළපන දක්වා කොටසේ අනවසරයෙන් සිටින පදිංචිකරුවන් 100 කට මහල් නිවාස පිරිනැමීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි .
ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරිය ඉදි කළ මාලිගාවත්ත ලක්හිරු සෙවන සහ කාලිංග මාවතේ කොළොංතොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණවලින් ඔවුන්ට මෙම නිවාස ලබාදෙන බවයි.
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු ණය මුදලකින් ඉදිකළ නිවසක වටිනාකම ලක්ෂ 120 ක් පමණ වන බවත් නිසි පහසුකම් සහිත නිවසක් නැති සැමට වටිනාකමක් සහිත දේපලක අයිතිය මෙහිදී ලැබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
