නව දුෂණ විරෝධි පනත් කෙටුම්පත පිළිබදව වෘත්තීය සමිති නායකයින්, දේශපාලන අධිකාරිය හා සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (20) පස්වරුවේ පැවැත්විණි.
ජනාධිපති වෘත්තිය සමිති සබදතා අංශය විසින් මෙම දැන්වත් කිරීමේ සම්මන්ත්‍රණය සංවිධානය කර තිබු අතර, නව දුෂණ විරෝධි පනත් කෙටුම්පත තුළ අන්තර්ගත කරුණු හා එහි නෛතික පසුබිම පිළිබදව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ, සරත් ජයමාන්න මහතා විසින් විශේෂ දේශනයක් සිදු කළේය.
නව දුෂණ විරෝධි පනත් කෙටුම්පත පිළිබදව වෘතිතීය සමිති නායකයින්, දේශපාලන අධිකාරිය හා සිවිල් සංවිධාන නියෝජිතයින් පවතින ගැටළු හා ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද මෙහිදී ලබා දුන් අතර, ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුහ.
