ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත එළඹෙන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.
ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කිරීමේ චෝදනාවට ලද පැමිණිලි 12 ක් මත පොලිස් පරිගණක අපරාධ කොට්ඨාශය විසින් ඉංදික තොටවත්ත අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දික තොටවත්ත විසින් සිදුකර තිබෙන වරද ICCPR පනතට අයත්දැයි යන්න විමර්ශනය කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කර තිබේ.
