තනාපතිවරුන් ඇතුළු තවත් ප්‍රධානීන් හත් දෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය පවසයි .

එම කමිටුවේ අනුමැතිය ලබා දි ඇත්තේ තානාපතිවරියක, මහ කොමසාරිස්වරයකු අමාත්‍යාංශ ලේකම්වරයකු සහ ආයතන ප්‍රධානීන් සිවු දෙනකු පත් කිරීමටය.

ඒ අනුව එම්.ඊ.එම්. වෙනින්ගර් මහත්මිය ඊජිප්තුවේ ශ්‍රී ලංකා තනාපතිනිය ලෙසද ඩබ්ලිව්. එම්. ධර්මපාල මහතා බංගලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්වීමටද උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමැතිය ලබාදී ඇත.

මෙයට අමතරව එච්.එම.බී.පී. හේරත් මහතා සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම්වරිය කීවාය.

තවද විශ්‍රාමික මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපතිවරයා ලෙස පත්කිරීමටද, ආචාර්ය එස්. ඩබ්ලිව්. එම්. හෙට්ටිගේ මහතා ශ්‍රි ලංකා ජෛව තාක්ෂණ ආයතනයේ සභාපතිවරයා ලෙස පත්කිරීමටද ,බී.එම්.එල්. පතිරණ මහතා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කිරීමට කිරීමටද අයි.එස්. විජේසේකර මහතා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කිරීමටද එම කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය 22 වැනිදා රැස්විය. මේ රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා සහ ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරුද සහභාගී වූහ

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page