මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීමකට මැලේසියානු මහ කොමසාරිස් බද්ලි හිෂාම් එකඟවී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා.

මැලේසියානු ගුවන් සේවය අතිරේක ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර තවත් ගුවන් සමාගම් දෙකක් වන එයාර් ඒෂියා සහ බතික් එයාර් ක්වාලාලාම්පූර් සහ කොළඹ අතර ගුවන් ගමන් හඳුන්වා දීමට එකඟත්වය පළකර ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මැලේසියානු මහ කොමසාරිස් බද්ලි හිෂාම් ඇඩම් මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමුවූ අතර වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ඉහළ නැංවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page