ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරය සමගාමීව හමුදා නිලධාරීන් 314 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,565 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබේ.
ඒ අනුව මේජර් ජෙනරාල් නිලයට බ්‍රිගේඩියර්වරුන් 07 ක්, බ්‍රිගේඩියර් නිලයට කර්නල්වරුන් 12ක්,කර්නල් නිලයට ලුතිනන් කර්නල්වරුන් 37ක්, ලුතිනන් කර්නල් නිලයට මේජර්වරුන් 41ක්, මේජර් නිලයට කපිතාන්වරුන් 50ක්, ලුතිනන්වරුන් 84 දෙනෙකු කපිතාන් නිලයට (ක්වාටර් මාස්ටර් ඇතුළුව) සහ දෙවන ලුතිනන්වරුන් 83 දෙනෙකු ලුතිනන් (සාමාන්‍ය බලසේනාව සහ ස්වේච්ඡා බළකා) නිලයට උසස් කර ඇත.
