දිවයිනේ පළාත් කිහිපයකට අද දිනයේද මිලිමීටර් 75 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්‍යේ නියුතු කාලගුණ විද්‍යාඥා ප්‍රීතිකා ජයකොඩි මහත්මිය පවසයි.

නිල්වලා, ගිං, කළු ගංගා ආශ්‍රිතව පැවති ගංවතුර තත්ත්වය පහව යමින් ඇතිබවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා ගංවතුර පහව යමින් ඇතත් ගංගා භාවිතයේදී ජනතාව දැඩි ලෙස විමසිලිමත් විය යුතු බවත් බැස යන ජල පහර දරුණු වීම ඊට හේතු වී ඇති බවත් ඔහු පැවසීය.

මේ අතර වර්ෂාධික කාලගුණයෙන් හානි වූ මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කයේ වගා බිම් සඳහා අක්කරයකට රුපියල් හතලිස් දහසක් ගෙවීමට තීරණය කර ඇතිබව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page