තායිලන්තයේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රී ලාංකිකයන් 70කට අධික සංඛ්‍යාවක් විදෙස්ගත කර මිනිස් ජාවාරමක් සිදු කළ චීන ජාතිකයකු මිනිස් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 02 සිට 05 දක්වා මුදල් ලබාගෙන ඔහු පුද්ගලයන් විදෙස්ගත කර ඇත්තේ, සංචාරක වීසා මතයි.
තායිලන්තයට ගිය කණ්ඩායම අනතුරු ව නීති විරෝධී අයුරින් බෝට්ටු මාර්ගයෙන් එරට සිට මියන්මාරයට හා ලාඕසයට යවා එහි දී ගොඩනැගිල්ලක සිර කර ඇති බව සඳහන්ය.

අනතුරු ව ලක් රජය මැදිහත් වී එම පිරිස මෙරටට ගෙන්වාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාට බාර කෙරිණි.

ප්‍රධාන ජාවාරම්කරු වූ චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ව එළැඹෙන 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page