ශ්‍රී ලංකාවට පැමිණි නෞකාවක, බහාලුමක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 16ක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වී තිබෙනවා.
අදාළ වැටලීම සිදු කර තිබුණේ ජාත්‍යන්තරයෙන් ලැබුණු තොරතුරකට අනුවයි.
එම නෞකාව පාකිස්තානයේ – කරච්චි නුවර සිට මෙරටට පැමිණ ඇති අතර, අර්තාපල් ගබඩා කරා තිබූ ශීතකළ කන්ටේනරයක සඟවා තිබියදීයි මෙම හෙරොයින් තොගය සොයාගෙන තිබුණේ.
කෙසේ වෙතත් රේගු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අදාළ කන්ටේනරය ශ්‍රී ලංකාවට ගොඩබෑමට නියමිතව තිබූ එකක් නොවන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page