2022 වසරේ දී රුපියල් බිලියන 6.3ක ශුද්ධ අතිරික්තයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
සිය සාමාජිකත්වය විසින් අනුමත කළ 2022 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශයට අනුව එම වසරේ මුළු ආදායම රුපියල් බිලියන 17.5ක් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
මෙය 2021 වසරට සාපේක්ෂව 120%ක වර්ධානයක් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එමෙන්ම රුපියල් බිලියන 6.3ක මෙම අතිරික්තය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම අගය බව සඳහන්.
මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග, දේශීය ක්‍රිකට් තරග, අනුග්‍රාහක කොන්ත්‍රාත් සහ ICC වාර්ෂික සාමාජික ගෙවීම් හේතු වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page