ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නැයි ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව සදහන් වේ.

රටේ ජනමතය නිවැරදි ලෙස උරගා බැලීමට මහ මැතිවරණයකින් හැකි බවත් එහි ප්‍රතිඵලය අනුව ජනාධිපතිවරණය පිළිබඳව තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවත් එහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇත.

මේ වන විට පොදුජන පෙරමුණේ පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවත් ඉදිරි අයවැය පිළිබඳව ද එම සාකච්ඡාවන්හිදී අවධානය යොමු කර ඇති බවත් සදහන් .

පක්ෂයක් ලෙස අයවැය දීර්ඝ ලෙස අධ්‍යනය කිරීමෙන් අනතුරුව තීරණයක් ගැනීමට කටයුතු කරන බවත් අයවැය පරාජය කිරීමක් පිළිබඳ මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නැති බවත් සදහන් කරයි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page