නාගරික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාසයක් ලබා දෙන බව පවසා පුද්ගලයකුට රුපියල් ලක්ෂ 70ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාගරික මන්ත්‍රී කහඳගමගේ මහින්දරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය ඊයේ (22) නියෝග කළාය.

ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය සෑම මසකම අවසන් ඉරුදින වංචා විමර්ශන අංශයේ පෙනී සිටින ලෙසට සැකකරුට නියෝග කළාය. කොම්පඤ්ඤවීදියේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද ලක්ෂ 70 ක් වටිනා නිවාසයක් නුවර පදිංචි ජයන්ත මූණවීර යන අයට ලබා දෙන බව පවසා සැකකරු මෙම මුදල වංචා කර ඇතැයිද පැමිණිලිකරු විසින් අවස්ථා කීපයකදී සැකකාර නාගරික මන්ත්‍රීවරයා වෙත මෙම මුදල චෙක්පත් මඟින් ලබාදී ඇති බවද පැමිණිල්ලේ සඳහන්ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page