රුපියල් කෝටි 20 කට අධික පාඩු සිදු කර ඇති බවට වූ චෝදනාව මත කොටිකාවත්ත සණස සමිතියේ සභාපති ඇතුළු හත් දෙනෙකු සමිති කටයුතු වලින්නෙරපා හැර ඇති බව වාර්තා වේ.

දූෂිත ගණු දෙනු සිදු කර කෝටි 20 කට අධික පාඩුවක් සමිතියට සිදු කර ඇති බවට චෝදනා මත සණස සමිතියේ සභාපති සරත් විදානපතිරණ ඇතුළු කාරක සභිකයන් හත් දෙනෙකුට එරෙහිව බස්නාහිර පලාත් සමූපකාර කොමසාරිස්වරයා විසින් චෝදනා ඉදිරිපත් කර ඇත.

එම චෝදනා සදහා එකි නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද පිළිතුරු ප්‍රතික්ෂේප කරමින් වසර හතක් යන තෙක් කිසිදු සමූපකාර සමිතියක නිලයකට පත්වීමහෝ තේරීපත්වීමකට ඔවුන්ට තහනම් කර ඇත.

මෙම සමිතියේ සිදුව ඇති දැවැන්ත වංචා සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස ඉල්ලා සාමාජිකයන් සමූහයක් විසින් කොළඹ මහාධිකරණයේ පවරන ලද එච්.ඒ.08/2018 දරන නඩුවේ රිට් නියෝගයට අනුකූලව බස්නාහිර පලාත් සමූපකාර කොමසාරිස්වරයා විසින් නිසි පරිදී පරික්ෂණ පවත්වා මෙම නිළධාරින් හත් දෙනා වරදකරුවන් බවට තීරණය කර මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත.

සභාපති සරත් විදානපතිරණ, ලේකම් ඇල්වලගේ සිසිර කුමාර, ලඛිත ධනුෂ්ක පීරිස්, මාධවි මේඛලා, ටිලංජන කුරුවිට ආරච්චි, ලයනල් ගුණපාල, සුජිත් නිමල පෙරේරා සහ සෝමසිරි පෙරේරා යන අට දෙනා මේසේ ඉවත් කල අය වේ.

සමූපකාර කොමසාරිස්වරයා සිදු කරන ලද නියෝගයේ පිටපතක් පහත වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page