දින අටක් තුල පැවති අයවැය පිළිබඳව විවාදයත් සමග පැවති ජන්ද විමසිමේදි 2024 අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45 කින් පාර්ලිමේන්තුවේදී අද සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 77 ක් පමණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා සහ සමගි ජන බලවේගය සිට ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරු දෙදෙනා විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර අතර සමගි ජන බලවේගය, නිදහස ජනතාව සභාව, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂ වල මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළේ පනත් කෙටුම්පතට විරුද්ධවය.

අලි සබ්රි රහීම්, වඩිවෙල් සුරේෂ්, ඩබ්ලිව් ඩීජේ සෙනෙවිරත්න අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුද පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය 14 වැනිදා ආරම්භ විය. එම විවාදය අවසන් කෙරුණේ ඊයේ දිනයේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page