නව දේශපාලන බලවේගයක් සිවිල් සංවිධාන සමග ඒකතු වී ආරම්භ කරන බව ප්‍රරවැසි බලවේගය අද (23 ) කොළඹ මහජන පුස්තකාලයේ දි සංවිධානය කල සම්මන්ත්‍රණයට සහභාගී වු හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග සදහන් කර සිටි.

තමන් වසර 2020 න් පසු දේශපාලනයට ඒමට කිසිදු බලාපොරොත්තුවකින් නොසිටි බවත් ක්‍රිකට් අර්බුදයත් සමග සිදුවුනු දේශපාලන අතපෙවිම් නිසා තමන් නැවත දේශපාලන ගමනක් ආරම්භ කරන බවත් ඔහු සදහන් කරයි.

ක්‍රිකට් ක්‍රිඩාවට ආදරය කරන සමස්ත රටේ ජනතාව මේ සිදුවන දෙය ගැන අවධියේන් සිටින බවත් තමන්ට ඕනෑම මොහොතක කොළඹට දහස් ගනනින් ක්‍රිකට් ක්‍රිඩාවට ආදරය කරන ජනතාව රැස් කල හැකි බවත් ඔහු සදහන් කරයි

අතුරු පාලක මණ්ඩල ක්‍රිඩා ඇමතිවරු 8 දේනෙකු යටතේ 1999 සිට මේ දක්වා ක්‍රියාත්මකව තිබුණු බවත් මේ වන විට ක්‍රිකට් ක්‍රිඩාව බේරා ගැනීමට හැකි ඒකම ආයතනය අධිකරණය පමණක් බවත් අන් සියල්ල ගැන තමන් විශ්වාස නොකරන බවත් අධිකරණය පිළිබඳව පමණක් තමන් විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගී විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page