බෞද්ධාගමට හා ආගමික සහ ජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළැ කිය චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ලබන 13 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගත කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර සිටියා.

ඊයේ (30) පැය අටකට අධික කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු දේවගැති ජෙරම් ප්‍රනාන්දුට තවදුරටත් ප්‍රකාශ ලබාදීම සඳහා අද දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගැනුනා.

අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දේවගැති ජෙරම් ප්‍රනාන්දු ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගත කරණු ලැබුවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page