ඩොලරයේ මිල පහත වැටුනද භාණ්ඩ මිල පහත වැටීමක් සිදු නොවන්නේ ඩොලරය පහත වැටීම සිදුවන්නේ ආර්ථික ක්‍රියාවලියේ සිදුවූ පරිවර්තනය​ක ප්‍රතිඵලයක් නොවන නිසා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ හේතුවෙන් ඩොලරය 350 ක ප්‍රමාණයේ තිබෙනවාට වඩා අද ඩොලරය 300 ට පැමිණි විට ජීවත්වීමට අපහසු තත්ත්වයක් පැමිණ ඇති බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.

ආර්ථිකය හැකිලීම මඟින් මිලදී ගැනීමේ හැකියාව අඩුවන බවත් ඉල්ලුම අඩුවන විට උද්ධමනය ඉබේටම පහත බැසීම සිදුවන අතර ආනයන වියදමද අඩුවීමක් සිදුවූ බවද ඔහු සඳහන් කළා.

එසේම මේ වනවිට විදෙස් ණය ගෙවීමක් සිදුනොවන බවත් ණය ගෙවීමට හෝ භාණ්ඩ ගෙන්වීමට ඩොලර් වැය නොවන නිසා බැංකුවල ඩොලර් ඉතිරි වූ බවත් මේ හේතුවෙන් ඩොලරයට තිබූ ඉල්ලුම පහත බැසීම හේතුවෙන් පසුගිය දිනවල අස්වාභාවික ලෙස ඩොලරය පහත වැටුනු බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ. 

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page