කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා තෝරාගත් 30 දෙනකුගෙන් සමන්විත පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම ඊයේ (18) රාත්‍රියේ ඊශ්‍රායලය බලා පිටත්ව ගිය බව විදේශ රැකියා අමාත්‍යාංශය සදහන් කරයි.

අද (19) උදෑසන තවත් විසි (20) කණ්‌ඩායමක්‌ ඊශ්‍රායලය බලා පිටත්ව යන අතර තවත් තිස්‌ දෙනෙකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ අද රාත්‍රියේ ඊශ්‍රායලයට යැවීමට නියමිතයි.

ජාත්‍යන්තර සංක්‍රමණික දිනය නිමිත්තෙන් ඊයේ පැවති උත්සවයකදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතින් පළමු ශ්‍රමිකයින් කණ්ඩායම සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කෙරිණ.

දෙරට අතර ද්විපාර්ශ්වික ගිවිසුමකට අනුව ඉදිරි සති කිහිපය තුළ ශ්‍රමිකයින් 10,000කට ඊශ්‍රායලයට පියාසර කිරීමට හැකිවනු ඇති බව අමාත්‍යවරයා සදහන් කලා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා කම්කරුවන් විසි දහසක් බඳවා ගැනීමට ඊශ්‍රායලය ද එකඟ වී ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩිදුරටත් නිවේදනය කළා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page