අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහන යටතේ විරෝධතා ඉදිරිපත්ව නොමැති පවුල් සඳහා පළමු වාරිකය ජූලි මාසයේ ලබා දීමට කටයුතු කරන බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඊයේ (24) අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහන යටතේ දැනට ප්‍රසිද්ධ ඇත්තේ ප්‍රතිලාභීන්ගේ අවසාන නාම ලේඛනය නොවන බවයි

එමෙන්ම අභියාචනා සහ විරෝධතා ගොනු කිරීමට ලබා දී ඇති දින 10ක කාලයෙන් පසු සිදු කරන සොයා බැලිමෙන් අනතුරුව අවසන් නාම ලේඛනය ප්‍රකාශයට පත් කරන බව ද ඔහු එහිදී සඳහන් කළා.

එම කාලයෙන් පසුව වුවද කිසියම් පවුල් ඒකකයක් තමාට අසාධාරණයක් සිදු වූ බවට අභියාචනා ඉදිරිපත් කළ හොත් එය සලකා බැලීමට ද සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලය සූදානම් බව සඳහන්.

මීට අමතරව දැනට ලැබී ඇති අභියාචනා සහ විරෝධතා සලකා බැලීමට අදාළ කමිටු දැනටමත් දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පත්කරනු ලැබ ඇති අතර දින 10 අවසන්ව ඉතා කෙටි කාලයකින් අවසන් ලේඛනය ප්‍රසිද්ධ කිරීමේ හැකියාව ද පවතිනවා.

මේ අනුව අදාළ පුද්ගලයින් අභියාචනා ඉදිරිපත් කිරීම සහ විරෝධතා ඉදිරිපත් කිරීම මිස වෘත්තීය සමිති හෝ දේශපාලන මතවාද සමග එක්ව කටයුතු කිරීම සිදු නොකළ යුතු බවයි වැඩබලන මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේ

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page