ජනාධිපති අරමුදල හරහා දැනට ගෙවන වෛද්‍යාධාර දීමනා 2024 ජනවාරි (01) වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 50 සිට සියයට 100 දක්වා ඉහළ දැමිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි සිදුකරන බව ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර සඳහන් කර සිටි .
2024 වර්ෂයේ සිට ජනාධිපති අරමුදල විසින් මහජනතාව වෙත සලසනු ලබන සේවාවන් තවදුරටත් පුළුල් කරමින් කාර්යක්ෂමව ඉටුකිරීමට ජනාධිපතිවරයාගේ මගපෙන්වීම අනුව පියවර ගෙන ඇති බවත් මෙතෙක් වෛද්‍යාධාර නොගෙවන ලද රෝග හඳුනාගෙන එම රෝග සඳහා වෛද්‍යාධාර ලබා දීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඔහු සදහන් කරයි .
වයස අවුරුදු 21 ට අඩු පිරිස් සඳහා පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් අක්ෂි ශල්‍යකර්ම සිදුකර ගැනීම සඳහා මෙම වසරේ සිට වෛද්‍යාධාර ගෙවීමටත් රෝගී ජනතාව වෛද්‍යාධාර ලබා ගැනීම සදහා නගරයට පැමිණිම අවම කිරීමට දිවයින පුරා රෝහල් ජනාධිපති අරමුදලේ ලියාපදිංචි කිරීමේ පහසු ක්‍රමවේදයක් මෙම 2024 වසරේ සිට ක්‍රියාත්මක කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියා.
