භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන නොසලකා හැර සිය බලය අත්තනෝමතික ලෙස යොදවමින් කටයුතු කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ 17 ) තීන්දු කර ඇත

සවස ඒ අනුව දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රදානය කළ සමාව බල ශූන්‍ය යැයි තීන්දු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල , ඔහුට පනවා තිබෙන දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇත

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමාව ප්‍රදානය කරමින් දුමින්ද සිල්වා නිදහස් කිරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර , දියණිය වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව ප්‍රකාශ කරයි

අර්ජුන ඔබේසේකර, ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

තීන්දුව ප්‍රකාශයට පත් කළ #TodayNews ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන”මෙම නඩු විභාගයේ දී ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කරනු ලබන සමාව නැවත සලකා බැලීමට අධිකරණයට බලයක් නොමැති බවට වග උත්තරකාර පාර්ශවය විසින් අධිකරණය හමුවේ කරුණු මතු කර තිබුණා.

මීට අදාලව පසුගිය කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු ගණනාවක්ම ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම තීන්දු විශ්ලේෂණය කිරීමේදී ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තිය ප්‍රකාරව අධිකරණයට යළි සලකා බැලිය හැකි බව අප තීන්දු කරනවා.”යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව ජනාධිපතිවරයාගේ සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලිය යළි සලකා බැලීමට අධිකරණයට බලයක් නොමැති බවට වගඋත්තරකරුවන් විසින් මතු කරනු ලැබූ තර්ක ප්‍රතික්ෂේප කරන බවත් සඳහන් කර සිටියේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page