ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ 161 වැනි නිකාය දින සැමරුම් මහෝත්සවය රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකූලෑවේ විමල මහානායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය .
මෙම අවස්ථාවට හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා ගිහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර සබරගමුව පළාත් ආණ්ඩුකාරවර අධිනීතතීඥ නවින් දිසානායක ,අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි ,හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ ,පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ,පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර යන මහත්ම මහත්මීන් ඇතුළු ගිහි පැවැදි විශාල පිරිසක් සහභාගි ව්න ලදි.
එහිදී සබරගමුව පළාත් ආණ්ඩුකාරවර අධිනීතතීඥ නවින් දිසානායක මහතා වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකූලෑවේ විමල මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක මහා සංඝ සභාව විසින් “දේශ කීර්ති ශ්‍රී ශාසනාභිමානී ” යන ගෞරව නාමය පුද කරන ලදි.
