නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සේවය කිරීම සඳහා
කාරකසභා කිහිපයක් සඳහා මේ වන තෙක් ලැබී ඇති නාම යෝජනා අනුව සාමාජික මන්ත්‍රීවරයන් නම් කිරීම පාර්ලිමේන්තුව විසින් ඊයේ (09) යෝජනා සම්මත කර ගන්නා ලදි.

ඒ අනුව මේ වන තෙක් ලැබී ඇති නාම යෝජනා අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පත් කරන ලද සාමාජික මන්ත්‍රීවරයන්ගේ නාම ලේඛනය කථානායක ගරු මහින්ද හාපා අබේවර්ධන මහතා සභාගත කළේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115හි විධිවිධාන සහ ඊයේ (09) දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සමඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කොට තිබේ.

ඒ අනුව, ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, ගරු ඩග්ලස් දේවානන්දා ගරු මහින්ද අමරවීර, ගරු ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි, ගරු කංචන විජේසේකර, ගරු චමල් රාජපක්ෂ, ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගරු ගයන්ත කරුණාතිලක, ගරු අනුර දිසානායක,ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස්,ගරු නීතිඥ රවුෆ් හකීම්,ගරු ගාමිණී ලොකුගේ,ගරු වජිර අබේවර්ධන,ගරු ඒ. එල්. එම්. අතාඋල්ලා ගරු සී. බී. රත්නායක, ගරු රිසාඩ් බදියුදීන්, ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, ගරු මනෝ ගනේෂන්, ගරු රෝහිත අබේගුණවර්ධන, ගරු නීතිඥ නාමල් රාජපක්ෂ, ගරු නීතිඥ සාගර කාරියවසම්, ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු ජී. ජී. පොන්නම්බලම් සහ ගරු එම්. ඒ. සුමන්තිරන් යන මන්ත්‍රිවරයන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කොට ති‍බේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page