තැපැල් දෙපාර්තමේන්තුවේ නම යොදා කෙටි පණිවුඩයක් යොමුකර සිදුකරන ජාවාරමක් පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

ඒ අනුව තැපැල් දේපාර්තමෙන්තුවේ නම යොදා ගනිමින් ජනතාව වෙත ලැබෙන එවැනි කෙටි පණිවුඩ වෙත සිය රහස්‍ය තොරතුරු සැපයීමෙන් වැළකී සිටින ලෙසට ඒම නිවේදනය සදහන් කරයි .

පාර්සලයක් සඳහා ගාස්තු ගෙවන ලෙස දන්වා ශ්‍රී ලංකා තැපෑලෙන් නිකුත් කළ කෙටි පණිවුඩයක් ලෙස ව්‍යාජ ලෙස සකස් කළ කෙටි පණිවුඩයක් මහජනතාව වෙත යවා ණය කාඩ්පත් දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් සිදුකරන බවට හෙළිවී තිබේ.

ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, SL POST, Sri Lanka Post ආදී නම් යොදා ගනිමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ද උපක්‍රමිකව අවභාවිත කරමින් මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇත .

ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ සිය දෙපාර්තමේන්තුව විසින් කෙටි පණිවුඩ මගින් ණය කාඩ්පත් තොරතුරු විමසීමක් කිසිසේත් සිදු නොකරන අතර ණය කාඩ්පත් මගින් පාර්සල් සම්බන්ධ කිසිදු ගණුදෙනුවක් සිදු නොකෙරෙන බවයි.

එසේම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමට අවශ්‍ය නම් තැපැල් දෙපාර්තමේන්තු උපකාරක සේවාව 1950, තොරතුරු තාක්ෂණ අංශය 011 2542104,011 2334728, 0112335978, 011 2687229, 011 2330072 යන අංක වෙත ඇමතීමෙන් ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page