ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලැබීමට අද (18) බංග්ලාදේශය කණ්ඩායම සමත් විය.

දෙරට අතර චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේදී අද පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් බංග්ලාදේශ පිල කඩුලු 4 ක පහසු ජයක් ලැබීය.

දඟ පන්දු යවන්නක් ලෙස කණ්ඩායමට ඇතුළත් වූ 21 ක් හැවිරිදි රිෂාඩ් හොසේන් පන්දු 18 කින් හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 48 ක් රැස්කරමින් ජයග්‍රහණය ඉක්මන් කළේය.

ආරම්භක පිතිකරු ටන්ෂිඩ් හසන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 81 කින් හතරේ පහර 9 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 84 ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී සියලු දෙනා දැවී 235

(කුසල් මෙන්ඩිස් 29, චරිත් අසලංක 37, ජනිත් ලියනගේ නොදැවී 101, මහීෂ් තීක්‍ෂණ 15, ටස්කින් අහමඩ් 42/3, මුස්ටෆිෂූර් රහමන් 39/2, මෙහෙදි හසන් මිරාෂ් 38/2)

බංග්ලාදේශ පිල ඕවර 40.2 කදී කඩුලු 6 ට 237

(ටන්ෂිඩ් හසන් 84, තව්හිඩ් රිඩෝයි 22, මුෂ්ෆිකූර් රහීම් නොදැවී 37, මෙහෙදි හසන් මිරාෂ් 25, රිෂාඩ් හොසේන් නොදැවී 48, ළහිරු කුමාර 48/4, වනිඳු හසරංග 64/2)

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page