මේ වසරේ ගත වූ මාස 4 ක කාලය තුළ සංචාරකයන් ලක්ෂ අටකට වඩා වැඩි ප්‍රමාණයක් මෙරට තුල සංචාරය කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර සිටි.
ඒ අනුව මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට මැයි මස 5 දා දක්වා කාලය තුල විදෙස් සංචාරකයන් 806,698 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය පසුගිය වසරේ ඒම කාල සිමාවට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි
මේ මස මුල්දින පහක කාලයේදී පමණක් විදෙස් සංචාරකයන් 22,047 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර, එයින් වැඩිම පිරිස ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 4,351ක් බවද මාලදිවයිනෙන් සංචාරකයන් 2,489 දෙනකු මෙරටට පැමිණ තිබෙන බවද එම අධිකාරිය පෙන්වා දෙයි.
ඒ අනුව ගත් විට මැයි මාසයේ පළමු දින 5 තුළ පැමිණ ඇති සංචාරකයන්ගෙන් 20%ක් ඉන්දීය සංචාරකයන් වන අතර එක්සත් රාජධානියෙන් 1,508ක් සහ රුසියාවෙන් 1,460ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණ ඇත. මෙලෙස ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙන රටවල් අතුරින් දෙවැනි තැනට මාලදිවයින පත් වීමද විශේෂත්වයකි.
