මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් එක්ලක්ෂ හැත්තෑදහසකට (178,000kg) අධික ප්‍රමාණයක් වංචනික ලෙස ඇසුරුම් කිරීමේ දි අනුරාධපුර කිරිඉබ්බෑව ප්‍රද්ශයේ දි ඊයෙ (12) අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සමත්වී ඇත .
මෙලෙස අත්අඩංගුවට ගත් සහල් තොගය රජය මගින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලයේ බෙදාදීමේ වැඩසටහනට යොදාගැනීමට සැළසුම්කර තිබූ බව මූලික පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත.
පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුරාධපුර ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ දහවල් මෙම වැටලීම සිදුකර තිබුණි.
ලොරි රථ 08ක් මගින් කිරිඉබ්බෑව ප්‍රෙද්ශයේ පිහිටි පෞද්ගලික සහල් මෝලක් වෙත රැගෙන ගොස් නැවත ඇසුරුම්කරමින් සිටියදී මෙම වැටලීම සිදුකර ඇති අතර එම සහල් අසුරා තිබූ ඇසුරුම්වල සටහන්ව තිබූ දිනය පසුගිය 30වනදා වනවිට අවසන්ව තිබූ බවත් මිනිස් පරිභෝජනයට නුසුදුසු එම සහල් යන්ත්‍රානුසාරයෙන් පිරිසිදු කර කල් ඉකුත්වීමේ දිනය ඉදිරි දින 30ක් සඳහා වලංගුවන පරිදි නැවත සකස්කර තිබුණු බවත් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පවසයි.
පාරිභෝගික අධිකාරිය භාරයට ගත් සහල් තොගය සීල් තබා ඇති අතර එම සහල් මෝලෙහි හිමිකරුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
