වත්මන් නීතිපති සංජේ රාජරත්නම් මහතාට මාස 06ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්දේශ කර ඇත.
නීතිපතිවරයාට සේවා දිගුවක් ලබා දෙන්නේ නම් එය ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකර ඊට අනුමැතිය ලබාගත යුතුව ඇති අතර මෙම මස මැද භාගයේදී විශ්‍රාම යෑමට නියමිතව සිටි නීතිපතිවරයාට මෙම වසරේ අවසානය තෙක් ධුරයේ රැඳීමට මෙම සේවා දිගුව මගින් හැකියාව පවතී.
මෙම වසර තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ ක්ෂේත්රය තුළ සිදුකිරීමට යන මෙවැනි පත්කිරීම් සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්රයේ ද කතාබහකට ලක්ව ඇත.
ව්‍යවස්ථාදායක සභාව බොහෝ දුරට හෙට (03දා) රැස්වීමට නියමිත අතර වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ද මෙම වසර තුල විශ්‍රාම යෑමට නියමිත බැවින් සේවා දිගුවක් ලැබූ සංජේ රාජරත්නම් මහතාට අගවිනිසුරු ලෙස පත්වීමේ වැඩි ඉඩකඩක් මෙ මගින් ලැබෙන බවත් ඔහුගේ එම සේවා දිගුව ඉතා විශේෂිත එකක් ව පවතින බවත් සදහන් කරයි .
