තරුණයකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිතව වසර තුනක සිරදඬුවමක් නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය ඊයේ (22දා) නියෝග කරනු ලැබිය .

ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මුදාහැරීමට නියෝග කල අතර ඇයගේ ආගමන විගමන බලපත්‍රය අධිකරණය භාරයට ගන්නා ලෙස හා ගුවන් ගමන් තහනම පිළිබඳ විස්තර ආගමන විගමන පාලකට දන්වන ලෙස මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග නිකුත් කර ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක දින 24ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඇය ඇප මත නිදහස් වන අවස්ථාවේ මව, සැමියා ඇතුළු ආධාරකරුවන් රැසක් පැමිණ සිටි අතර ඇය සිරගත කර සිටි අවස්ථාවේ මුහුණදුන් අත්දැකීම් මාධ්‍යයට විස්තර කරන ලදි.

ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස ඇප ඉල්ලීම ඉදිරිපත් කළ අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සො‍ලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු දැක්වීය.

1997 අංක 30 දරන ඇප පනතේ 20 (2) වගන්තිය ප්‍රකාරව විත්තිකාරියට එරෙහිව මහාධිකරණ දුන් තීන්දුවට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර එයට යටත්ව ඇප මත මුදාහැරීම සිදු වු අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව චෝදනා 19 න් ඉද 18 කට වැරැදිකරු විය.

නඩුවේ සෙසු විත්තිකරුවන් ඔවුන්ට එරෙහිව නඟා තිබුණු 1, 2. 11, 12, 13, 14 සහ 23 යන චෝදනාවන්ට 2017 වසරේ නොවැම්බර් 06දා වරද පිළිගත් අතර ඒ අනුව ඔවුන්ට අත්හිටවූ සිරදඬුවම් නියම විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page