නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය “විශේෂිත ව්‍යාපෘතියක්” වශයෙන් නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් කළ යෝජනාවක් අනුව එම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ දකුණු වරාය ව්‍යාපෘති‌යේ නැගෙනහිර බහාලුම් පර්යන්තය අදියර වශයෙන් සංවර්ධනය කර එම අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය සහිත බහාලුම් පර්යන්තයක් වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා 2021-02-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.

ඒ අනුව, අදාළ සිවිල් වැඩ සඳහා වන කොන්ත්‍රාත්තුව මේ වන විට පිරිනමා ඇති අතර, ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙමින් පවතින බව අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

එසේම, එකී බහාලුම් පර්යන්තය සඳහා අවශ්‍ය දොඹකර මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය ද මේ වන විට පිරිනමා තිබේ.

ඒ අනුව කොළඹ වරායේ පුද්ගලික පර්යන්ත මෙහෙයුම්කරුවන් සහ සේවා සැපයුම්කරුවන් හට උපායමාර්ගික සංවර්ධන පනත සහ ආයෝජන මණ්ඩල නීතිය යටතේ විවිධ බදු සහන හිමිවන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page