ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලය සදහා අනුමත කළ ඩොලර් මිලියන 150 ක ණය මුදල සඳහා ගිවිසුම් අත්සන් කිරීම පසුගිය දා සිදු කෙරිණි.

මෙම ව්‍යාපෘති හරහා මෙරට විදුලි පද්ධතියේ ස්ථායිතාව වැඩි දියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය ව්‍යාපෘති ගණනාවක් සිදුකිරීමට සැලසුම් කර ඇති අතර ඉදිරියේදී රට තුළ ඉදිකිරීමට නියමිත විශාල ප්‍රමාණයේ පුනර්ජනනීය ව්‍යාපෘති පද්ධතිය වෙත එක්කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ව්‍යාපෘති ගණනාවක් ද වේ.

නව ග්‍රිඩ් උපපොළවල් 6ක් ඉදිකිරීම, 87km දිගද, වො. 132 සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම, 45km දිග ද, වො. 220 සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම දැනට පවතින ග්‍රිඩ් උපපොළවල් දෙකක ධාරිතාව වැඩි කිරීම එම ව්‍යාපෘතිය වේ.

ලංකා විදුලිබල මණ්ඩලය හා එහි අනුබද්ධිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම, මිලියන 7.5 ක්වූ පාරිභෝගික සංඛ්‍යාවකට විදුලිය බෙදාහරිනු ලබන අතර බෙදාහැරීම් පද්ධතිය හා විදුලි බලාගාර සම්බන්ධ කරන ලංකා විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ ජාලය කි.මී. 3400ක්වූ සම්ප්‍රේෂණ රැහැන් මාර්ග හා ග්‍රිඩ් උපපොළ 90කින් සමන්විත වේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඉංජිනේරු රොනල්ඩ් කොමෙස්ටර් හා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්‍ෂ ටතෆුමි කඩොනො යන මහත්වරුන් විසින් ගිවිසුම අත්සන් කළ අතර මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද එම අවස්ථාවට එක් වූහ .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page