මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවෙදි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන ලදි…

එහි දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නේ මෙරට බැංකු පද්ධතියට බලපෑමක් නොවන ආකාරයට එම වැඩපිළිවෙල සැලසුම් කර ඇති බවයි

මේ යටතේ ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරනයට ලක් කරන බවට මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කලාය.

ඒ යටතේ මෙතෙක් නිකුත් කර ඇති සියලුම බැඳුම්කර නව පොලී අනුපාතිකයන් යටතේ යළි නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා

අලුතින් නිකුත්කරන බැඳුම්කර වලට 2025 වසර දක්වා සියයට 12 ක පොළී පොලී අනුපාතිකයක් ද 2025 පසුව සියයට 9 ක පොළී පොළී අනුපාතයක් ද ගෙවන බව මහ බැංකු අධිපතිවරයා පැවසීය.

යම් අරමුදලක් ඒ සදහා එකඟ නොවන්නේ නම් එම අරමුදල් වලින් 30% ක බද්දක් අයකිරීමට ද යෝජනා විය.

ඒසේම මෙම ක්‍රම දෙකෙන් එකක් තෝරා ගැනීමට අදාළ අරමුදල්වලට අවස්ථාව ඇති බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නාය.

මෙම ණය ප්‍රතව්‍යුහගත කිරීම තුළින් ඊටීඑෆ් අරමුදල් වල සාමාජිකයෙකුට මුදල් ලබාගැනීමට ගැටලුවක් ඇති නොවන බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළාය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page