ත්‍රිකුණාමලය කොටුව වෙරළ
තුළ අනවසර ලෙස බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට පත් වූ බලන්ගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ත්වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකර බුදුපිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාලව භික්ෂූන් වහන්සේලා සිව් දෙනකු ඇතුළු 09 දෙනෙක් අද (19) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එස්.එම්.සම්සුදීන් නියෝග කළේ පසුගිය 14 වැනිදාය…..
ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස, ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී බොරලුකන්ද රජමහා විහාරාධිකාරී පූජ්‍ය ත්‍රිකුණාමලයේ සුඛිතවංශ තිස්ස, වනවාසී බලන්ගොඩ කස්සප, ත්‍රිකුණාමලය ආනන්දාරාම (ගිරිහඩු සෑය ශාඛාව ) විහාරවාසි පූජ්‍ය ත්‍රිකුණාමලය නන්ද යන හිමිවරුන් හා මේ සඳහා ආධාර අනුබල දුන් සම්බුද්ධ ජයන්ති විහාරයේ දායක සභාවේ ලේකම් විදුරංග ලොකු ගලප්පත්ති, හිටපු නාගරික මන්ත්‍රීනි එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා එම්.එච්.දිපානි, ලියනගේ තිලක් පෙරේරා, එම්.සී. පියල් හේමසිරි හා දුලාර ගුණතිලක යන අයවලුන්ද මේ වන විට රක්ෂිත භාරයේ පසුවෙයි.
මොවුන්ට එරෙහිව පොලිසිය චෝදනා නගා තිබුණේ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතේ 14 (01) වගන්තිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් එම පනතේ 28(01) වගන්තිය ප්‍රකාරව වෙරළ කලාපය තුළට අනවසරයෙන් ඇතුල් වී වලංගු බලපත්‍රයක් නොමැතිව අනවසර ඉදිකිරීමක් සිදුකර බුදුපිළිමයක් තැන්පත් කිරීම ලෙසයි.
සුනාමි ව්‍යසනයට පෙර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයට අයත් ඉඩමක තිබූ විනාශ වි දහම් පාසල් ගොඩනැගිල්ලක් 2025 නොවැම්බර් 17 හෝ ඊට ආසන්න දිනකදී ඉදිකිරීමට යෑමේදී මෙම ගැටලුව මතුව තිබුණා.
ඒ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරන දෙපාර්තමේන්තුව වරාය පොලිසියට කළ පැමිණිල්ලක් අනුව එම ඉදිකිරීම් ඉවත් කිරීමට යෑමේදී මෙම ගැටුම ඇතිවුණා.
පසුව මෙම විහාරයේ කොටසක් කඩා ඉවත් කරන්නැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝගයක් නිකුත් කළ අතර, එය ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනුකර තිබූණා. එම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සැලකිල්ලට ගත් අවස්ථාවේදී එම ගැටළුව සාමකාමීව විසඳා ගන්නා ලෙස අධිකරණයෙන් දෙපාර්ශ්වයට දැනුම් දී තිබුණා
