ඉරාන ජාතික විදේශිකයන් තිදෙනෙක් සිංහරාජයේ ජෛව සම්පත් සොරකමක සිදු කර ඇත.
සිංහරාජ වනාන්තරයෙන් ලබාගන්නා ලද ජීවී හා අජීවී සතුන් සහ ශාක කොටස් සමග ඉරාන ජාතිකයන් තිදෙනෙකු ඊයේ අත් අඩංගුවට ගනු ලැබිය. ඔවුන් සමග ශ්රි ලාංකිකයකුද අත් අඩංගුවට පත් විය.
නෙළුව අඩවි වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 5 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස උඩුගම මහේස්ත්රාත් තිරණය කරන ලදි
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ සංචාරක වීසා මත ශ්රී ලංකාවට පැමිණ සිටි ඉරාන ජාතිකයන් තිදෙනකු සහ කඳාන ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව මියගිය ගෙම්බන් හා සර්පයන් ද, කෘමි සතුන් හා ශාක කොටස් රාශියක් ද තිබී ඇති අතර, විදුලි පන්දම්, කාච වර්ග හා පාරජම්බුල කිරණ සහිත ලාම්පුද තිබී ඇත.
මෙම පුද්ගලයන් සතුව සිංහරාජයට අයත් නොවන ප්රදේශවල ජෛව සාම්පල ද තිබී හමුවී ඇති අතර, ඒ හේතුවෙන් ඔවුන් සිය ජෛව සම්පත් සොරා ගැනීම රට පුරා සිදු කළේද යන්න පිළිබඳව අවධානය යොමුව ඇත.
වලංගු බලපත්රයක් නොමැතිව ශාක හා සත්ව කොටස් සන්තකයේ තබාගෙන ප්රවාහනය කරමින් සිටීම මත අත්අඩංගුවට පත් විය.
වනජීවී නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පැමිණි වාහනය ද අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
මොවුන් මෙම සත්ව හා ශාක කොටස් පර්යේෂණ සඳහා ගෙන යාමට තැත් කරන්නට ඇතැයි වනජීවී නිලධාරීහු සැක කරති.
මෙවුන් තිදෙනා අලුයම පිටත් වන ගුවන් යානයකින් ඉරානය බලා යාම සඳහා සූදානමින් සිට ඇති බවද වාර්තා විය.
