ඉදිරියේදී අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ දීමනා ගෙවීම් සිදුකරනු ලබන්නේ දුප්පත් සහ අන්ත දිළිඳු පවුල් සඳහා පමණක් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

2023 වසරේදී ආරම්භ කළ අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.

2023 වසරේදී කාණ්ඩ හතරක් යටතේ ලක්ෂ 16කට ආසන්න පිරිසකට අස්වැසුම ප්‍රතිලාභ හිමිවිය. එහෙත්, 2025 අප්‍රේල් මාසයේදී සිව්වන කාණ්ඩය වන සංක්‍රාන්තික කාණ්ඩයට අයත් ප්‍රතිලාභීන් 315,000 දෙනෙකුගේ දීමනා ගෙවීම් නතර කර තිබේ.
එමෙන්ම, තෙවන කාණ්ඩය වන අවදානමට ලක්වූ කාණ්ඩයට අයත් ප්‍රතිලාභීන් 425,000 දෙනෙකු සඳහා ලබාදුන් අස්වැසුම දීමනාවද මෙම වසරේ ජුනි මාසයේ සිට නතර කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම කාණ්ඩ දෙකට අයත් පවුල් අතර දුප්පත් හෝ අන්ත දිළිඳු තත්ත්වයේ පසුවන පවුල් සිටී නම්, ඔවුන්ට නැවත අස්වැසුම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබා ගැනීමේ හැකියාව පවතින බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සහකාර කොමසාරිස් අශාන් දර්ශක මහතා සඳහන් කළේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page