ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිත ආයතන අලුත් කිරීමේ ගාස්තු අද (01) සිට ඉහළ දැමීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය තීරණය කර ඇත.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති නියෝගය පරිදි නව ගාස්තු පහත අයුරින් වේ.
විදේශ රැකියා සදහා කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ ගාස්තුව මෙතෙක් රුපියල් 17,928 ක් ව පැවති අතර අද සිට නව ලියාපදිංචි ගාස්තුව රුපියල් 21,467 ක් වේ.
මෙතෙක් රුපියල් 3,774 ක් ව පැවැති ලියාපදිංචිය නැවත අලුත් කිරීමේ ගාස්තුව රුපියල් 4,483 ක් දක්වා ද ඉහළ දමා තිබේ.
රුපියල් 58,974ක්ව පැවති විදේශ රැකියා නියෝජිත ආයතනය බලපත්‍රය අලුත් කිරිමේ ගාස්තුව අද සිට රුපියල් 117,949 ක් දක්වා ඉහළ දැමීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කර ඇත.
