ලක් විජය විදුලි බලාගාර ජැටියට ගල් අඟුරු ප්‍රවාහනය කිරීම සදහා සැහැල්ලු යාත්‍රා යොදා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සැහැල්ලු යාත්‍රා තබා ගැනීම සඳහා ලංකා නැව් සංස්ථාව හා ඉන්දියාව අතර දැනට පවතින ගිවිසුම දීර්ඝ කිරීමට මෙයින් හැකියාව ලැබේ.

කොළඹ වරායේ නැංගුරම් ලන නැව්වලින් ලක්විජය ගල් අගුරු විදුලි බලාගාර ජැටිය වෙත 2021/22 සහ 2022/23 වසර දෙක සදහා ගල් අඟුරු ප්‍රවාහනය පිණිස සැහැල්ලු යාත්‍රා යොදා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ සමාගමක් වෙත පිරිනමා ඇත.

මෙම කැබිනට් අනුමැතිය මගින් 2023 /24 සහ 2024 /25 යන වසර දෙකක කාලය සඳහා අවසර ලැබෙනු ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page