ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා සිම්බාබ්වේ වෙත පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට එරට දී මුහුණ දීමට සිදු වූ අපහසුතාවයක් පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) දහවල් කාලයේ දී එම හෝටලය වෙත පැමිණ තිබූ බවයි ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණීමට මොහොතකට පෙර තවත් ජාතික ක්‍රිකට් කණ්ඩායමක් එම හෝටලය වෙත පැමිණ තිබූ අතර, එම කණ්ඩායමේ ක්‍රීඩකයින් හෝටලයට ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය (check-in) ඒ වන විට සිදු වෙමින් පැවැති බවයි එම ආයතනය සඳහන් කරන්නේ.

මෙම තත්ත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් ඇතුළු කර ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීමට බලපෑ බවත් කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳ හෝටල් කළමනාකාරීත්වයට වාර්තා කිරීමෙන් පසුව කෙටි කාලයක් තුළ එම ගැටලුව විසදා ගැනීමට හැකි වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page