මේ වන විට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 2024 ලෙජන්ට් ක්‍රිකට් කුසලාන තරගාවලියේදී තරග පාවා දීමට ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනෙකුට රටින් පිටවීම වළකාලමින් තහනම් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙජන්ට් තරග ක්‍රිඩක උපුල් තරංග වරුෂ විතාන සහ නවසීලන්ත ක්‍රිඩක නේල් ට්‍රෙවර් බෲට් ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට ඉදිරිපත් කළ පැමිණිලි දෙකක් සලකා බැලීමෙන් පසුව මෙම තහනම නිකුත් කර ඇත

ඉන්දියානු කළමනාකරුවන් ලෙස කටයුතු කරන යෝනී පටෙල් සහ ඔහුගේ සහයක ලෙස කටයුතු කරන පැචලෝඩියා ආකාශ් යන සැකකරුවන්ට රටින් පිටවිම වලක්වාලමින් මෙම තහනම මාසයක් බල පැවැත්වේන පරිදි නිකුත් කර ඇත .

සිද්ධිය සම්බන්ධයෙන් දූෂණ විරෝධී ඒකකය ට සහ තරගාවලියේ සංවිධායකයින්ට පැමිණිලි ලැබී ඇති අතර මෙම තරඟ පාවා දීම්වලට සම්බන්ධව තවත් පුද්ගලයින් සිටී ද යන්න පිළිබඳව විමර්ශන සිදු කරන බව ක්‍රීඩා වැරදි වැළකීමේ විශේෂ ඒකකය කරුණු වාර්තා කර තිබේ

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද දැනුවත් කර ඇති බවත් සැකකාර පචලෝඩියා ආකාශ නවසීලන්ත ක්‍රීඩකයාව සිය කාමරය වෙත කැඳවා කාමරය විවෘත නොකරම තනි ඉලක්කමේ ලකුණකට ඉලක්කම් දෙකක පන්දුවකදී දැවීයන ලෙසට දැනුම් දී ඇති බව මෙතෙක් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය විය ඇත.

ප්‍රවීන ක්‍රීඩකයින් එකසිය විස්සක් සහභාගි වන මෙම තරගාවළියේදී මුදලට තරග පාවාදීම හෝ ඔට්ටු ඇල්ලීම වැනි වැරදි සම්බන්ධයෙන් බලපෑම් එල්ල වන්නේද යන්න පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කරන බවද ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය කරුණු ඉදිරිපත් කර ඇත.

මෙම තරගාවලියේදී ක්‍රිකට් කණ්ඩායම හතක් තරග වදින අතර ලබන 19 දින අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page