දිවයින පුරා පිහිටි ලංකා ධීවර සංස්ථා මත්ස්‍ය වෙළෙඳසැල් වල ගනුදෙනු QR කේත ක්‍රමය මඟින් සිදු කිරීමට අවස්ථාව උදාකරමින් ලංකා ධීවර සංස්ථාව ඩිජිටල්කරණය කිරීමේ පළමු පියවර ලෙස පාරිභෝගික ගෙවීම් සඳහා QR කේත ක්‍රමය හඳුන්වා දීම ඊයේ (13) ගම්පහ ධීවර සංස්ථා අලෙවිසැල් පරිශ්‍රයේදී ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
රාජ්‍ය ආයතන නූතන ඩිජිටල් ලෝකයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීමේ නව වැඩපිළිවෙළට සමගාමීව ලංකා ධීවර සංස්ථාව මෙම නව ගෙවිම් ක්‍රමවේදය SLT මොබිටෙල් සහ Lanka Qr එක්ව හඳුන්වා දී තිබේ.
ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සිල්වා මහතා මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් මෙය දිගු ගමනක ඇරඹුමක් බව සඳහන් කළේය.
‘අතිගරු ජනාධිපතිතුමා අදහස් කරනවා නූතන ලෝකයට ගැලපෙන විදිහට රාජ්‍ය ආයතන යාවත්කාලීන කරන්න. බොහෝ යල්පැනගිය ක්‍රමවේද තවමත් අපේ රටේ රාජ්‍ය ආයතන තුල ක්‍රියාත්මක වෙනවා. ගනුදෙනුකරුවන් අපහසුතාවයට පත්වෙනවා වගේම, වංචා දූෂණ වැඩිවෙන්නත් මෙම හේතු හේතුවෙලා තියනවා. ලංකා ධීවර සංස්ථාව විදිහට මෙය අපි තබපු කුඩා පියවරක්, නමුත් මෙය පළමු පියවර සහ ඩිජිටල්කරණය සඳහා යන ගමනේ ඇරඹුම’
ඒ අනුව දිවයින පුරා ඇති 100කට අධික ලංකා ධීවර සංස්ථා අලෙවිසැල් ජාලෙයේ ගෙවීම් ජුනි 13 වන දා සිට QR කේත ක්‍රම ඔස්සේ සිඳුකල හැකිය. ඉදිරියේ දී සංස්ථාවේ මූල්‍ය පද්ධති ඇතුළු බොහෝ අංශ ඩිජිටල් කරණයට බඳුන්වනු ඇත. පාරිභෝගිකයන් හට ගුණාත්මක සේවාවක් ලබා දෙන අතරේ, වංචා දූෂණ වලින් තොර මූල්‍ය ක්‍රියාවලියක් ආයතනයේ ක්‍රියාත්මක කිරීම මෙහි අරමණුයි.
මෙම අවස්ථාවට ධීවර සංස්ථාවේ සභාපති ඩී.වී. උපුල් මහතා, ධීවර සංස්ථාවේ සාමාන්‍ය අධිකාරි රුවින්ද ගුනරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී sltmobitel රන්මල් ෆොන්සේකා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක්විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page