හෙට (15) සිට යුරියා පොහොර මිල රුපියල් 9000 දක්වා අඩු කළ යුතු බැවින් මිල කමිටුව රැස්වී වහාම තීරණය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.
යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති බවයි කෘෂිකර්ම අමාත්යංශය සඳහන් කරන්නේ.
යුරියා පොහොර සම්බන්ධව වෙළෙඳ පොළ මිල සැළකිල්ලට ගනිමින් මිල අඩු කිරීමට ඒ සඳහා පත් කළ මිල කමිටුව විසින් තීරණය කළ යුතු යැයි අමාත්‍ය මණ්ඩල නිර්දේශ කර තිබෙනවා.
එම තීරණය පරිදි අනිද්දා සිට යුරියා පොහොර මිල රුපියල් 9000 දක්වා අඩු කරන අතර දැනට වෙළෙඳපොළෙහි යුරියා පොහොර මිටියක මිල රුපියල් 10,000ක් වන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
