නැවත වරක් රට බංකොලොත්වීමට ඉඩ දිය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අම්පාරේදී ඊයේ (13) පැවසීය. අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට සක්වල වැඩසටහන යටතේ 71 වැනි බස් රථය බෙදා දීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කීවේය.

අපේ රට බංකොලොත් වූයේ කෙසේද? එම බංකොලොත්භාවයෙන් ගොඩ එන්නේ කෙසේද? සහ නැවත වරක් බංකොලොත් නොවී සිටින්නේ කෙසේද? කියා සිතිය යුතුයි. බංකොලොත්භාවයෙන් ගොඩ ඒම සඳහා පොදු සාධකයක් ලෙස ‘දැනුම’ දැක්විය හැකි බවත් ‘දැනුම’ කේන්ද්‍රීයව වැඩ කළහොත් තීන්දු තීරණ ගතහොත් සාර්ථක ඉලක්ක කරා යා හැකි බව ද හෙතෙම කීවේය.

එබැවින් නැවත වරක් රට බංකොලොත් වන යුගයක් නිර්මාණය වීම වළක්වා ගැනීම තම ව්‍යාපෘතිවල අරමුණ බව ද විපක්ෂ නායකවරයා මෙහිදී කීවේය.

එළඹෙන ජුනි 23 වැනිදාට දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උපන් දිනය සමරන බවත් ඒ වෙනුවෙන් රට පුරා අධ්‍යාපන, සෞඛ්‍ය, සංවර්ධන වැඩකටයුතු රාශියක් හුස්ම සහ සක්වල වැඩසටහන තුළින් ක්‍රියාත්මක කර බවත් එහි එක් පියවරක් ලෙස මෙම බස් රථය පරිත්‍යාග කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page